counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ ඉදිරියට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගය (24) පැවැත්වුණි.

එම තරගය ලකුණු 149කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස්කළේය.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 140කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 15ක් සමග ලකුණු 174ක් රැස්කරගත්තේය.

Heinrich Klaasen අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 90ක් රැස්කළේය.

මැද පෙළට සවියක් වූ නායක Aiden Markram පන්දු 69කදී ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 7ක් සමග ලකුණු 60ක් රැස්කරගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී Hasan Mahmud ලකුණු 67කට කඩුලු 2ක් දවාගත්තේය.

ලකුණු 383ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 233ක් පමණි.

හුදකලා සටනක නිරතවූ මොහොමඩ් මහමුදුල්ලාහ් ශතකයක් වාර්තා කරමින් පන්දු 111ක් තුළ ලකුණු 111ක් රැස් කළේය. ඊට හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් අයත් විය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x