ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රහේලිකාවක් ඇති බව මියගිය ස්ථානාධිපතිවරයාගේ බාල සහෝදරයා පවසනවා.
ඒ, තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔහු පොලිසියෙන් ඉල්ලා සිටියේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් තම සහෝදරයා සියදිවි හානිකරගත් බවට පළවෙන වාර්තා සාවද්‍ය බවයි.
ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වූ ප්‍රියංකර ද සිල්වා පසුගිය (21) වනදා අලුයම වෙඩි වැදී මියගොස් සිටිය දී සොයා ගැනුණා.
ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිල නිවසේ දීයි.
කෙසේ වෙතත් පොලිසිය පසුව පැවසුවේ මෙය සියදිවි නසාගැනීමක් බවත්, ස්ථානාධිපතිවරයා ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන මෙලෙස සියදිවි නසාහෙන ඇති බවයි.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.
42 හැවිරිදි වියේ පසුවූ ස්ථානාධිපතිවරයා වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ