counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ලලිත් කොතලාවල මරණය සැක සහිතයි ඥාතීන් පොලිසි යයි මරණයට හේතුව මෙන්න

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ ⁣(85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී (23) දා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි .

දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග පොලීසියට කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.

ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් පැවැති අතර එහිදී නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සෙම නරක් වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව බවට නිගමනය වීය.

පසුව දේහය කොතලාවල මහතාගේ ළඟම ඥාතීන්ට භාරදීමට පොලිසිය පියවර ගෙන තිබේ. බම්බලපිටිය පොලීසියේ පොලිස් සැරයන් විමලරත්න මහතා (8764) මෙහිදී පරීක්ෂණ මෙහෙයවීය.

– ADA

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x