counter customizable free hit
24 C
Colombo
Tuesday, November 19, 2024


ඉදිරියේදී මාස 03කට වරක් විදුලි බිල සංශෝධනයට

මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඔක්තෝම්බර් 21 වනදා සිට ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළ බවයි.

මෙම මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුම අනුව බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය සඳහා වන යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන් අතර නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෙම සතිය තුළ ඒ සඳහා අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බව ප්‍රකාශ කරන අමාත්‍ය කංචන විජේසේකර මහතා එළඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බව එහිදී සඳහන් කළා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x