counter customizable free hit
24 C
Colombo
Tuesday, November 19, 2024


නිල්වලා ගඟේ ජල මට්ටම යළි ඉහළට

පවතින අධික වැසි සහිත කාලගුණය සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර අවසන් වරට ජල මාපාංකයේ සටහන්ව ඇත්තේ මීටර් 1.87ක අගයකි.

මෙහි අගය මීටර් 2.80ක් දක්වා වර්ධනය වුවහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතී.

මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් අවසන්වරට සටහන්ව ඇත්තේ මීටර් 6.90ක් ලෙසටය.

එහි අගය මීටර් 7.50ක් දක්වා වර්ධනය වුවහොත් එය මහා ගංවතුර තත්ත්වයකි.

මේ අතර ඌරුබොක්ක ගඟේද ජල මට්ටම ඉහළගොස් ඇති අතර එය අවධානයෙන් පසුවිය යුතු මට්ටමේ තවදුරටත් පවතී.

මේ අතර කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්ද මගුරු ගඟ මගුර ප්‍රදේශයෙන්ද කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී තිබේ.

මේ අතර ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී ඇත.

එසේම පවතින අධික වැසි තත්ත්වයත් සමග අත්තනගල්ල ඔය දූනමලේ ප්‍රදේශයෙන් අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම වර්ධනය වී තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x