බුත්තල මිණුම්දෝරු කොළණිය, මැඩිල්ල ප්රදේශයේ තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
ප්රදේශවාසීන් පැවසුවේ මෙම වනඅලියා මීට පෙර දින කිහිපයක සිට රෝගී තත්ත්වයකින් පෙලෙමින් ප්රදේශයේ සැරිසරමින් සිටි බවය.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20ත් 30ත් අතර වයසක වනඅලියෙකු බව සඳහන් වේ.
වනඅලියාගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් බුත්තල පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1