counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


අඛණ්ඩව පස්වැනි ජය ඉන්දියාව වාර්තා කරයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව පස්වැනි ජයත් වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව ඊයෙ (22) සමත් විය.

ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමග ධරම්සාලාහිදී පැවැති තරගය කඩුළු 4කින් ජය ගනිමින් ය.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දීය නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

නවසීලන්ත මුල් පෙළ කඩුළු 2 බිද වැටුණේ ලකුණු 19කදී ය.

රචින් රවීන්ද්‍ර සහ ඩැරිල් මිචෙල් තුන්වැනි කඩුල්ලට ලකුණු 159ක සබදතාවයක් ගොඩනැගුවේය.

රචින් රවීන්ද්‍ර ලකුණු 75කි.

ඩැරිල් මිචෙල් එක්දින පිටියේ පස්වැනි ශතකය සමගින් ලකුණු 130ක් රැස් කළේ ය.

නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273කි.

ඉන්දීය පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ලට නායක රොහිත් ශර්මා සහ ශූබ්මන් ගිල් ලකුණු 71ක සබදතාවයක් ගොඩ නැගුවේය.

ශර්මා ලකුණු 46කි.

ශුබ්මන් ගිල් ලකුණු 26කි.

ශේයස් අයියර් ලකුණු 33ක් රැස් කළේ ය.

කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු 95ක් රැස් කළේ ය.

ඔවුන් පන්දුවාර 48ක් අවසානයේ කඩුළු 6ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 39කි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x