අමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකක් විසින් සිදුකරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයින් හා පර්යේෂකයින් දෙදෙනෙකු ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් හා පර්යේෂකයින් 38 දෙනෙකු අමෙරිකාවේ Stanford විශ්වවිද්‍යාලය සහ Elsevier යන විශ්වවිද්‍යාල දෙක විසින් සලකා බැලීමකට ලක් කිරීමෙන් අනතුරුවයි තෝරාගෙන තිබෙන්නේ.
යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්නරාජා සතිපරන් සහ මහාචාර්ය ආර්. මධනරංජන් යන දෙදෙනායි මෙලෙස හොඳම විද්‍යාඥයින් හා පර්යේෂකයින් ලෙසින් තෝරාගෙන ඇත්තේ.
විද්‍යාත්මක ක්ෂේත්‍ර 22කින් සහ උප ක්ෂේත්‍ර 176කින් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් තෝරාගෙන ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, මොවුන් තෝරා ගැනීම වාර්ෂිකව විවිධ සාධක මත පදනම්ව විද්‍යාඥයින් ශ්‍රේණිගත කරමින් ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරෙනවා.