හොරණ ප්‍රදේශයේ ආපනශාලාවක් වෙත කඩාවැදුණු පිරිසක් එහි ආහාරගනිමින් සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පසුගිය 17 වනදා අදාළ තරුණිය පැහැරගෙන ගොස් තිබූ අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.
මෙලෙස පැහැර ගැනීමට ලක් වුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණියක්.
ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වු ආරවුලක් මුල්කර ගනිමින් තරුණිය මෙලෙස පැහැර ගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී හෙළිව තිබුණා.
තරුණියගේ මව ප්‍රේම සම්බන්ධතාවයට විරුද්ධ වීම හේතුවෙන් තරුණිය නිවසේ රදවාගෙන සිට ඇති අතර තරුණයා විසින් තරුණිය නිවෙසින් බැහැරට යන තෙක් සිට මෙලෙස ආපනශාලාවට පැමිණි අවස්ථාවේ පැහැරගෙන යාම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.