counter customizable free hit
29 C
Colombo
Wednesday, November 20, 2024


උතුරු නැගෙනහිර හර්තාල්

උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් කැඳවා තිබේ.

නමුත්‍ රාජ්‍ය අංශ හා පාසල් කටයුතු මෙන්ම ගමනාගමන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවෙයි.

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා ට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් මෙම හර්තාලය සංවිධානය කොට තිබේ.

ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත් තුළ අලුතින් බෞද්ධ පන්සල් ඉදිකිරීමට සහ මඩකලපුව,මයිලතමඩු ප්‍රදේශයේ දෙමළ ජාතික කිරිගොවින් භාවිත කළ ඉඩම් සිංහල ජනතාවට ලබාදීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය කැඳවා තිබේ.

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් පාසල් දරුවන් වෙනුවෙන් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් සාමාන්‍ය පරිදි පාසල් පැමිණි බව වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x