counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් වෙනස්කමක්

මේ වන තෙක් ලෝක කුසලාන තරගාවලියේ කිසිඳු ජයක් නොලැබූ එකම කණ්ඩායම වන ශ්‍රී ලංකාව සිය සිව්වැනි තරගය ලෙසින් හෙට (21දා) පෙරළිකාර නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ. 

එසේම මෙය ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙකේ රැඳී සිටින කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයක් බවට පත්වේ. ලෝක කුසලාන වෙනුවෙන් තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යය.

තරගය ලක්නව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර මේ දක්වා ලක්නව්හි පැවැති සෑම තරගයකම පාහේ දඟ පන්දුවට තරමක වාසියක් වන ආකාරය දක්නට ලැබුණි. ඉවසීමෙන් එකම එල්ලය ඔස්සේ පිතිකරුවා වරදක් සඳහා පොළඹවමින් පන්දු යොමු කිරීම ලක්නව්හි සාර්ථකත්වයේ රහස බව ඉකුත් ශ්‍රී ලංකා තරගයේදී ඇඩම් සැම්පා විසින් පෙන්වා දුන්නේය. 

මේ දක්වා තරගාවලියේ ක්‍රීඩා කළ තරග තුනේදී මුලු ලකුණු 879ක් ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කොට තිබෙන අතර මේ සඳහා ශතක දෙකක් සහ අර්ධ ශතක 6ක් අන්තර්ගත වී තිබීම ශ්‍රී ලංකා පිතිකරනයේ ශක්තිමත් බව විදහා පාන්නකි. කෙසේවෙතත් මෙම තරග තුනේදී ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 988ක් වාර්තා කොට තිබෙන අතර එය මේ දක්වා ලෝක කුසලානයේදී කණ්ඩායමකට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් මෙතෙක් සාර්ථක වූ එකම පන්දු යවන්නා වන දිල්ශාන් මධුසංක මේ දක්වා කඩුලු 7ක් දවාගෙන සිටින අතර අනෙකුත් සෑම පන්දු යවන්නෙක්ම කඩුලු 2ක් හෝ එකක් පමණක් දවාගැනීම දැඩි ලෙස අවධානයට යොමු කළ යුතු කරුණකි.

ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා සිටින දඟ පන්දුවෙන් ලකුණු 402ක් ප්‍රතිවාදීන් උදුරා තිබෙන අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් පන්දුවාර 58.2ක් යොමු කොට කඩුලු 3ක් පමණක් දවාගෙන තිබීම එම අංශයේ අසාර්ථකත්වය මනාව පෙන්නුම් කරන්නකි.

නවසීලන්ත දඟ පන්දු යවන්නෙක් වන සැන්ට්නර් තරගාවලියේ කඩුලු 11ක් ලබා වැඩිම කඩුලුලාභියාව සිටින විට සහ රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, කේශව් මහරාජ් වැනි ක්‍රීඩකයින් ඉතා හොඳ ලකුණු සාමාන්‍යයක් සහිතව කඩුලු අතර සිටියදී ශ්‍රී ලංකා දඟ පන්දුවේ පසු බෑම තදින්ම සිතිය යුතුය.

එමෙන්ම දිල්ශාන් මධුසංඛ හැරුණු කොට අනෙක් වේග පන්දු යවන්නන් පන්දුවාර 47ක් තුළදී පන්දුවාරයකට ලකුණු 8.53ක සාමාන්‍යයක් වැනි ඉහළ අගයක් පවත්වා ගනිමින් ලකුණු 401 ලබාදෙමින් දවාගෙන ඇත්තේ කඩුලු 3ක් පමණි.

ශ්‍රී ලංකා පිතිකරණයේ සැළකිය යුතු මට්ටමේ පිබිදීමක් තිබුණත් තරග තුනක් අවසන ශ්‍රී ලංකා පිතිකරුවන් නිලකුණු පන්දු 435ක් වැයකොට ඇති බව දත්තයන්හි දැක්වේ. එනම් දළ වශයෙන් ඉනිමක පන්දුවාර 50න් 25ට ආසන්න ප්‍රමාණයක් නිලකුණු පන්දු වන අතර මෙය කණ්ඩායමේ අවධානය යොමුවිය යුතු දත්තයකි.

සමස්තයක් වශයෙන් නෙදර්ලන්ත කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටියත් නිමා වූ තරගයන්හීදී දුටු පන්දු රැකීමේ දුර්වලතා මෙම වාසිදායක තත්ත්වය පටු කරන බවද සිහි තබාගත යුතු වේ.

අනෙක් අන්තයෙන් ප්‍රබල දකුණු අප්‍රිකානුවන් පරාජය කොට ජයග්‍රාහී මානසිකත්වයෙන් පසුවන නෙදර්ලන්තය මෙම තරගයටද ආත්ම විශ්වාසයෙන් යුතුව පිවිසෙනු ඇත.

කෙසේවෙතත් නායක ස්කොට් එඩ්වර්ඩ්ස් හැරුණු කොට අනෙකුත් පිතිකරුවන් දඟ පන්දුවට දක්වන තරමක දුර්වලතාවය ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට අහිමි වූ රිද්මය ලබාගැනීමට අවස්ථාවකි.

බොහෝවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් තරයට පිවිසීමට වැඩි ඉඩක් ඇත.

අනුමාන ශ්‍රී ලංකා කණ්ඩායම – 

කුසල් ජනිත්, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ශාන් මධුසංක

මොකද හිතෙන්නෙ....
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x