හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් මහත්මිය ඇයට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහහා ඊයේ(18) නියෝග කර තිබෙනවා.
ඇයට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නඩුව අවසන් කරන ලෙසට නීතිපතිවරයා දන්වා තිබූ අතර විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බලා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දීමට කටයුතු කළා.
විජයකලා මහේස්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ යාපනය වීරසිංහ ශාලාවේ පැවති උත්සවයකදී LTTE සංවිධානය නැවත නගා සිටුවිය යුතු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි ඇයට එරෙහිව නඩුව ක්‍රියාත්මක වුණේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1
1