counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඩිජිටල්කරණය වන රෝහල් සෞඛ්‍ය ක්ෂේත්‍රය

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.

මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන ‍විසිතුනක් පවත්වාගෙන යනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

රෝගීන් ලියාපදිංචි කිරීම,පරීක්ෂා කිරීම, ඖෂධ ඇනවුම් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ආදී සේවාවන් රැසක් මෙම පද්ධතිය මගින් බල ගන්වා තිබෙනවා.
.
රෝහල වෙත රෝගියෙකු පැමිණීමෙන් පසු මෙම පද්ධතිය ඔස්සේ රෝගියා ලියාපදිංචි කෙරෙන අතර ඔහුටම අනන්‍ය අංකයක් සහ කේතයක්(Barcode) හිමිවන බවයි සඳහන් වන්නේ.

රෝග විස්තර, ලබාගත් ප්‍රතිකාර, අදාළ සෞඛ්‍ය වාර්තා,නියම කරන ලද ඖෂධ ඇතුළු සියලු විස්තර ඊට අයත් වන අතර නැවත වරක් එම පුද්ගලයා රෝහල වෙත පැමිණි විට පහසුවෙන් ප්‍රතිකාර ලබාදීමට ද මේ හරහා හැකි වනවා.

තවද මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග විශේෂයෙන්ම රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමට හැකි වී තිබෙන අතර බාහිර රෝගීන් කළමනාකරණය, නේවාසික රෝගීන් කළමනාකරණය, ඖෂධ තොග කළමනාකරණය, සායන කළමනාකරණය මෙන්ම රෝගීන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පවත්වාගෙන යාමද පහසුවී තිබෙනවා.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට මෙන්ම රෝගී සත්කාරක සේවාවන් ගැන ඉතා නිවැරදි තීන්දු තීරණ ගැනීමටද මෙමගින් හැකිවී තිබෙන අතර කඩදාසි මත පදනම්ව පවත්වාගෙන ගිය සෞඛ්‍ය වාර්තාවලින් බැහැරව මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමග පරිසර හිතකාමී සෞඛ්‍ය සේවාවකට මඟ පෑදී ඇති බවද සඳහන්.
.
රෝහලක සිට තවත් රෝහලකට රෝගියෙක් මාරු කර යැවීමේදී එම රෝගියාට අදාළ සියලු විස්තර ද මෙම පද්ධතිය හරහා එම රෝහල වෙත ලබා දීමේ පහසුකමද ඉදිරියේදී ලබා දීමට නියමිතව තිබෙනවා.

රජය මගින් ජනතාවට ලබා දෙන සේවාවන් මෙසේ ඩිජිටල්කරණය කිරීමෙන් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමන් මග තවත් අර්ථවත් කිරීමට හැකිවී තිබෙන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x