අවන්හල් 20කදී හෘදයාබාධයක් ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත් කරමින් බිල නොගෙවූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ ස්පාඤ්ඤයෙන්.
ස්පාඤ්ඤයේ Blanca ප්‍රදේශයේ පොලිසිය විසින් දේශීය අවන්හල්වල විසිතුරු රාත්‍රී භෝජන සංග්‍රහයක් අනුභව කිරීම සහ පසුව හෘදයාබාධයක් මවා පෑම හේතුවෙන් රංගනයක නිරත වූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
මොහු වයස අවුරුදු 50ක පුද්ගකයෙකු වන අතර ඔහුගේ ඡායාරූප මේ වනවිට කලාපයේ අවන්හල් තුළ සංසරණය වන බවයි වාර්තා වෙන්නේ.
ඔහු අවන්හල් 20කට වැඩි ප්‍රමාණයකදී මේ රංගනයේ නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පසුගියදා Blanca ප්‍රදේශයේ අවන්හලක ඔහුගේ ආහාරය ගෙන අවසන් වූ පසු කාර්ය මණ්ඩලය ඩොලර් 37 ක බිලක් ඉදිරිපත් කළ විට ඔහු හෘදයාබාධයක් හටගත් බවට රංගනයේ යෙදී තිබෙනවා.
සිදුවීම පිළිබඳව දැනගත් අවන්හල් සේවකයින් ගිලන් රථයක් වෙනුවට අවන්හලට පොලිසිය කැඳවා තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.