counter customizable free hit
24.4 C
Colombo
Wednesday, November 20, 2024


හෙඳ නිලධාරියාගේ රතු කට්ට පනී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා රෝහල් ඇදේ

හෙද නිලධාරියෙකු විසින් පහර දීම හේතුවෙන් මාකදුර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රතිකාර සදහා සදලංකාව රෝහලට ඇතුළත් වී ඇති බව පන්නල පොලීසිය කියයි.

ඉකුත් 17 වෙනිදා දහවල් කාලයේ මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ ආර්.ඩබ්ලිව්. සමන්ත කපිලරත්න බාලසූරිය නම් අයෙකි.

තම ආයතනයේම සේවය කරන හෙද නිලධාරියෙකු විසින් තමන්ට අතින් පයින් පහර දුන් බව රෝහල් ගත කර සිටින අය රෝහල් පොලීසියට පවසා ඇත.අනතුරුව රෝහල් පොලීසිය විසින් මේ බව පන්නල පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

පන්නල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x