වයස අවුරුදු 18 ක් වන පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන ක්‍රීඩා ගුරුවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තුළුඔය – පුදුකුඩිරිප්පුව පදිංචි 36 හැවිරිදි අයෙකුවය.සැකකරු මුන්දලම – පුලිච්චාකුලම ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරන අයෙකි.
ඉකුත් 08 වෙනිදා රාත්‍රී 8.00 ත් 10.30 ත් අතර කාලය තුළදී සැකකරු විසින් පාසල් දැරිවිය පදිංචි නිවස ආසන්නයේ ඇති මාර්ගයේදී ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.ඒ අනුව සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.