counter customizable free hit
24.4 C
Colombo
Wednesday, November 20, 2024


ඒටිඑම් යන්ත්‍රයක් බිද රුපියල් ලක්ෂ 105 ක මුදලක් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට

පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ පුද්ගලික බැංකුවක් විසින් ස්ථාපනය කර ඇති ස්වංයක්‍රීය මුදල් ලබා ගැනීමේ (ATM) යන්ත්‍රයක් බිද එහි තිබූ මුදල් රුපියල් ලක්ෂ 105 ක මුදලක් කොල්ලකෑ බව කියන සැකකරුවන් තිදෙනෙකුව මදුරන්කුලිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 07 වෙනිදා රාත්‍රී 11.45 ට පමණ සැකකරුවන් විසින් මෙම කොල්ලය සිදු කර තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද මුදල් වලින් රුපියල් 9,27,000 ක මුදලක්ද,ජංගම දුරකතන 04 ක් සහ කොල්ලය සදහා යොදා ගත් උපකරණ කීපයක්ද පොලිස් නිලධාරීන් විසින් තම බාරය ගෙන ඇත.

යතුරු පැදි 02 කින් පැමිණ ඇති සැකකරුවන් තමන් ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයේ (ATM) නඩත්තු කටයුත්තක් සිදු කරන බව ඒ ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට පවසා ඇත.ස්වංයක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයේ රහස් අංකය භාවිතා කරමින් එය විවෘත කර ඇති සැකකරුවන් කොල්ලය සිදු කර පලා ගොස් තිබුණි.

මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කිරීම සදහා මදුරන්කුලිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද යොදවා තිබී ඇත.

විමර්ශණ කටයුතු සිදු කළ නිලධාරීන් මුලින්ම එක් සැකකරුවෙකුව අනුරාධපුරය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරුගෙන් ප්‍රශ්ණ කිරිමේදී කොල්ලයේ සුල මුල හෙලිවී ඇත.කොල්ලයට සහභාගි වූ තවත් සැකකරුවෙකුගේ කටුගස්තොට ප්‍රදේශයේ නිවසේ අල්මාරියක සගවා තිබූ රුපියල් 5000 බැගින් වන මුදල් නෝට්ටු 1634 ක්,රුපියල් 1000 මුදල් නෝට්ටු 1107 ක්ද පොලිස් නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.අනතුරුව සෙසු සැකකරුවද පොලිස් නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනෙකු පුද්ගලික රක්ෂණ සමාගමක අලවි නියෝජිතයින් බවටද හෙලිවී ඇත.

දිවයිනේ ස්ථාන කීපයක සිදුවී ඇති මෙවැනි කොල්ලයන් සදහා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධ දැයි විමර්ශණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි.

මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරගෙන යයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x