ලෝක මූල්‍ය අරමුදලේ, විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළේ දෙවැනි කොටස ලබා ගැනීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට අත්සන් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැති සාකච්ඡා සාර්ථක වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියි.
නිශ්චිත දිනයක් ලබාදිය නොහැකි වුවද ඉදිරි සතිය හෝ දෙක තුළ දෙවන වාරිකය නිකුත් කිරීම සිදුවේ යැයි බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ පැවති තත්ත්වය සලකා බැලීමේදී ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බවත් , ශ්‍රී ලංකාවට එක් රැයකින් ගැඹුරු ආර්ථික අර්බුදයෙන් මිදිය නොහැකි බවත්, එබැවින් ස්ථාවරත්වය සහ සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමඟ දීර්ඝ සාකච්ඡා අවශ්‍ය බව මහජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.