counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


අපට රිද්මය පවත්වාගන්න බැරි වුණා

අඛණ්ඩ ව ක්‍රීඩා කළ සියලු තරග පරාජය වීමත්, නවක කණ්ඩායම් තරග ජයග්‍රහණය කරමින් ඉදිරියට පැමිණීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය හිමි ව තිබෙනවා.

ඒ ඊයේ දිනයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානය හිමි වූ පළමු පරාජයට නෙදර්ලන්තය හමුවේ මුහුණදීමට සිදුවීම නිසාවෙන්.

ප්‍රසාද ලකුණු සටහනේ මුහුණ දුන් තරග 03 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 06ක් සමගින් පෙරමුණේ සිටින්නේ සත්කාරක ඉන්දියාව යි.

නවසීලන්තය ද ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 06ක් හිමිකරගෙන සිටියද , තරග ජය ගැනීමේ සාමාන්‍ය වේගය අනුව ඔවුන්ට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

තෙවැනි ස්ථානය ඊයේ ලැබූ පළමු පරාජයත් සමග දකුණු අප්‍රිකාවට හිමි ව තිබෙනවා.

පකිස්තානය සහ එංගලන්තය පිළිවෙළින් මුල් කණ්ඩායම් 05 අතරට පැමිණ සිටින අතර, සයවැනි තැන හිමි ව ඇත්තේ ඇෆ්ගන් කණ්ඩායමටයි.

නෙදර්ලන්තය ද ඊයේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කිරීම සමග ශ්‍රී ලංකාව අබිබවා යමින් 9 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

මේ අතර, අඛණ්ඩ ව තම කණ්ඩායම අමිහිරි පරාජයන්වලට මුහුණදීම සම්බන්ධයෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසා ඇත්තේ; ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දී පරාජයට පත් වීම පිළිබඳ කනගාටුවට පත් වන බවයි.

ආරම්භය ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හොඳ මට්ටමක පැවතිය ද, එම රිද්මය පවත්වා ගැනීමට නොහැකි වූ බව ද ඔහු කියා සිටිනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x