counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


සීතා ඇතින්නගේ සිරුර තුළ යකඩ බෝල හා ලෝහ කොටස්

සිතා ඇතින්නට සිදු කළ දෙවන ශල්‍යකර්මයේදී ඇයගේ සිරුර තුල තිබී යකඩ බෝලයක් හා ඊයම් කැබලි කීපයක් හමු වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පසු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්න හට සිදුකළ දෙවන  ශල්‍යකර්මය මේ මස 17 දින ඇය ගාල් කොට සිටින රණවන ප්‍රදේශයේ දී සිදු කල අතර ඒ සඳහා පැය හතරකට ආසන්න වේලාවක් ගත වුණා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා,

“මේ සතාට වෙඩි වැදිලා මේ වන විට දින 18 ක් පමණ වෙනවා. අපිට දක්නට ලැබෙන ආකාරයට මේ ඇතින්න ගේ ශරීර සෞඛ්‍යයේ දුර්වල තත්ත්වයන් උද්ගත වෙමින් පවතිනවා. මේ තත්ත්වය මත තමයි අපි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ඇතින්නගේ ශරීරය තුළ ඇති තවත් ලෝහ කොටස් ඉවත් කිරීම සඳහා අවසර දෙන්න කියලා. අධිකරණයෙන් ඒ ඉල්ලීමට ලද අවසරය මත තමයි අද දින මේ ශල්‍යකර්මය සිදු කළේ. මෙහිදී මේ සත්වයාගේ පපුව ආසන්නයේ තිබී යකඩ බෝලයක් මෙන්ම තවත් ඊයම් කොටස් අපට හමු වුණා. දැන් අපිට විශාල සැකයක් තියෙනවා ඇතින්නගෙ පපුව තුළ එනම් උරස් කුහරයේ හෝ පෙනහල්ලේ නැතිනම් ඒ ආශ්‍රිතව තවත් යකඩ බෝල තිබෙනවා කියන තත්ත්වය පිළිබඳව. නමුත් කනගාටුවට කරුණ තමයි නිත්‍ය වශයෙන්ම මේ යකඩ බෝල තිබේදැයි සොයා ගැනිමේ හැකියාවක් දැනට අපිට නෑ. ඒ සඳහා අවශ්‍ය උපකරණ හෝ නිසි ක්‍රමවේදයක් අප සතුව නෑ. ඒක ඉතාමත් අයහපත් තත්ත්වයක්. තවත් ලෝහ කැබලි සතාගෙ ශරීරයේ තියෙන්න පුළුවන් කියලයි අපි හිතන්නේ.දැන් සතා සුපුරුදු පරිදි ආහාර ගැනීමේ නිරත වුණ ඇගේ ශරීර සෞඛ්‍යය යම් ආකාරයකින් දුර්වල වෙමින් පවතින බව අපිට පේනවා.අපි ඒ සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් ප්‍රතිකාර කටයුතු කරනවා.” 

මෙහිදී අදහස් පළ කළ ඇතින්නගෙ හිමිකරු වූ එස්.එම්. රොෂාන් කියා සිටියේ රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ප්‍රකාශය අසත්‍ය එකක් බවට දැන් හෙළිවී ඇති බවය.

මෙම වනජීවී නිලධාරීන් පොලීසිය මෙන්ම මුළු රටම රැවටීමට උත්සාහ කළද මේ අවස්ථාවේ ඔවුන්ගේ නිරුවත රටට හෙළිව ජීව උණ්ඩ වලින් ඇතින්නට වෙඩි තැබූ බව සනාථ වී ඇති බව සඳහන් කළ හෙතෙම කියා සිටියේ මේ වන විට ඇතින්නගෙ ශරීර සෞඛ්‍යය දුර්වල වී පවතින බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකිව යුතු බවත්ය.                                                                                               

මේ අවස්ථාවට පශු වෛද්‍ය පිඨයේ වෛද්‍ය කණ්ඩායමක් මෙන්ම මහනුවර මූලස්ථාන පොලීසිය අපරාධ ස්ථාන පරීක්ෂණ අංශ නිලධාරීන්, මහියංගන පොලිසියේ නිලධාරීන් මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද එක්ව සිටියා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x