counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


ගිංගඟ ආශ්‍රිතව පනවා තිබූ අවදානම් නිවේදනය ඉවතට

ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සදහා පනවා තිබු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස‍යි.

ගත වූ පැය 24 තුළ ගිංගඟ ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති නොවීම හේතුවෙන් හා තවලම සහ බද්දේගම ජල මිනුම් ස්ථානවලින් වාර්තා වූ ඉහළ ජල මට්ටම පහළ යමින් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 28 වැනි දින සිට ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය මෙලෙස ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x