counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


ඉන්දීය බිත්තරය ගැන තීරණයක්

ඉදිරි මාස දෙ​කේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නතර කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගිය කාලයේදී බිත්තර නිෂ්පාදකයන්ට නිසියාකාරව නොලැබුණු අමු ද්‍රව්‍ය නැවත ලබාදීම මගින් දේශීය බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා මෙම තීරණය ගත් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පැවසුවේය.

ඒ අනුව මව් සතුන් ගෙන්වීමට අවස්ථාව ලබාදීම නිෂ්පාදකයින්ට මුදල් ලබාදීම, බඩඉරිඟු ගෙන්වීමට අවස්ථාව ලබාදීම ඇතුළු කාරණා හරහා මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දී තිබියදීත් අවශ්‍ය තරම් නිෂ්පාදනය ලබාදීමට නොහැකි වුවහොත් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය පිළිබඳ සොයා බලා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බවද හෙතෙම කීවේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x