counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


ඇස් රෝගය තිබෙන ශිෂ්‍යත්ව සිසුන්ට සහනයක්

ළමයින් අතර පැතිරයන ඇස් රෝගය හෙට පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය සදහා බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එසේ අදාළ ඇස් රෝගයෙන් පෙලෙන සිසුන්ට විශේෂ පංති කාමරයක සිට විභාගයට පෙනී සිටීම සදහා අවස්ථාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888ක දීයි අයදුම් කරුවන් තුන්ලක්ෂ 37,956 දෙනෙකු මෙවර විභාගය සදහා පෙනිසිටීමට නියමිත බවයි.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිෂ්‍යත්ව දරුවන් පිළිබඳ පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පහසුකම් සලසන බව ප්‍රදේශීය ලේකම් උමේෂා මාතරගේ ප්‍රකාශ කළා.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 87 දෙනෙකු එලෙස පීඩාවට පත්ව සිටියා.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින ළමයින්ගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම සදහා දෙමාපියන් කටයුතු කළ යුතු බව ළමා සහ යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස ප්‍රකාශ කළා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x