counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


මන්නා රමේෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

පසුගිය 20 වනදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ මන්නා රමේෂ් නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විෂේශ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

හලාවත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.

හම්බන්තොට කටුවැව හංදිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 100ක් හා ජංගම දුරකතනයක් ද ඔහු ළඟ තිබි සොයා ගෙන තිබෙනවා.

සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21ක් හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු දැනට විදේශ ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් නැමැත්තාගේ ගෝලයෙකු වනවා.

තල්දූව ප්‍රදේශයේ පසුගිය 20 වනදා සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වු අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x