counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


සරසවි සිසුවෙක් ගෙළ වැළලාගෙන මියයයි

පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන 17 හැවිරිදි සිසුවෙකු ඔහු පදිංචි නිවස ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මතුගම පොලිසිය සඳහන් කළේ අද උදෑසන මෙම සිසුවා ඔහු පදිංචි නිවස පිටුපස ඇති රඹුටන් ගසේ අත්තක මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.

ඔහු අද උදෑසන 5.30ට පමණ රඹුටන් ගසේ එල්ලී සිටින ආකාරය නිවැසියන් දැක සිසුවා මතුගම වෑත්තෑව රෝහල වෙත රැගෙන විටත් මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවක් මත මෙලෙස දිවි හානි කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාගොඩ මහ රෝහලට යොමු කර තිබෙනවා. මතුගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x