counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


බදු ගැන රජයේ අලුත්ම තීරණය

මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් සමග අද මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර තිබේ.

ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරාගැනීම කඩිනම් කිරීම සඳහා එම සාකච්ඡාව පැවති අතර එහිදී ආයතන අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව වාර්තාවෙයි.

රංජිත් සියඹලාපිටිය මහතා එහිදී පෙන්වා දී ඇත්තේ පැහැදිළි ලෙස රාජ්‍ය රාජ්‍ය අදායම ඉහළ නංවා ගතයුතු අතර අදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු බවය.

මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි අතර මෙම පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අයකර ගත යුතුව පවතින බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී සදහන් කර තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x