counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ඩිජිටල් මාර්ග සිතියම ජනපතිට

රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පෞද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන්ම තමාගේද අදහස බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

මෙම ඩිජිටල්කරණයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ රජයේ සම්පත් සීමා වී ඇති පසුබිමක බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ  (NITC – 2023)  ප්‍රධාන ආරාධිතයා  ලෙස එක් වෙමිනි. 

ශ්‍රී ලංකා පරිගණක සංගමය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව ‘තිරසර ඩිජිටල් සමාජයක් කරා – 2030 ඩිජිටල් ආර්ථිකයක්’  යන තේමාව යටතේ සංවිධානය කළ මෙම සම්න්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වේ.

ශ්‍රී ලංකාව 2030 වන විට පූර්ණ වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය  කිරීමට අදාළව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විද්වතුන් විසින් ක්ෂේත්‍ර 6ක් ආවරණය වන පරිදි සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාර්ග සිතියම සහ ප්‍රතිපත්ති රාමුව (Digital Roadmap and the policy Framework)” තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මෙරට කෘෂිකර්මාන්තය නවිකරණය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව, කෘෂිකර්මාන්තය සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද දාකත්වය ඇතිව  සම්පාදනය කරන ලද “වැඩිදියුණු කරන ලද ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (Iintergrated Digital Agriculture Transformation)” වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x