counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ගැටුම් මැද සිදුවූ හදවත් කම්පාකළ සිදුවීම

හමාස් – ඊශ්‍රායල ගැටුම් මැද සිදුවූ තවත් සංවේදී සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා .

මෙලෙස සුවිශේෂී අවධානයක් යොමුව ඇත්තේ මාස 10ක වයසැති නිවුන් බිළිඳුන් වෙතයි. යුද ගැටුම් හේතුවෙන් මියගිය නිරායුධ මිනිසුන් අතරට මෙම බිළිඳුන් දෙදෙනාගේ මව්පියන්ද වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සටන්කාමීන් බිහිසුණු ප්‍රහාරය එල්ලකරද්දී මෙම බිළිඳුන් සිය මව්පියන් සමග රැඳී සිටි නිවසටද ප්‍රහාරය එල්ල්ලවී තිබෙනවා.

එහිදී හමාස් සටන්කාමීන් විසින් නිවසේ ඉදිරිපස දොර කඩාදැමීමට උත්සාහ ගන්නා මොහොතේ බිළිඳුන්ගේ මව සහ පියා වහාම ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන් බිළිඳුන් දෙදෙනා නිවසේ රහසිගත ස්ථානයක සැඟවීමට පියවර ගෙන තිබෙනවා.

අනතුරුව එක්වරම නිවසට පිවිසි හමාස් සටන්කාමීන් අතින් මව්පියන් දෙදෙනා මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව ගලවාගැනීමේ කණ්ඩායම් විසින් පැය 14ක පමණ කාලයකට පසුව එම නිවස පරීක්ෂා කිරීමේදී එහි සඟවා සිටි බිළිඳුන් දෙදෙනා සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඒ වනවිටත් බිළිඳුන්ට සීරීමකට හෝ ලක්නොවී සිටි බිළිඳුන් ගලවාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව මේ වනවිට එම බිළිඳුන් ඔවුන්ගේ මිත්තණිය වෙත භාරදීමට ද පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x