counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


එල්ටිටිය වළ දැමු ආයුධ හා රත්රන් සොයා කැනීම්

යුද සමයේ එල් ටි ටි  සංවිධානය විසින්   වවුනියාව, පුදිය කෝවිල්කුලම් ප්‍රදේශයේ ඉඩමක ආයුධ හා රත්රන් වළ දමා ඇති  බවට සැකෙකෙරන ස්ථාන තුනක්  වවුනියාව මහේස්‌ත්‍රාත් වසීම් අහමඩ් මහතාගේ අධීක්ෂණය යටතේ ඊයේ(12) සවස කැනීම් කෙරිණ.

පුද්ගලික ඉඩමක් තුල ආයුධ සහ රත්තරන් වළදමා ඇති බවට සැක කෙරන ස්ථාන තුනක් එහිදී කැනීම් සිදුකරනු ලැබීය. 

පසුගිය යුද සමයේ අදාළ ඉඩම පිහිටි ස්ථානයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට තොරතුරු ලැබී තිබු බවද පොලිසිය පැවසූහ. 

එ‍් අනුව පොලිසිය වෙත ලද තොරතුරක් මත වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් හා පූවරසන්කුලම පොලිසිය කැනීම් සිදුකිරීම සදහා එක්ව සිටියහ.

පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර දෙකක් අධාරයෙන් ඉඩමතුල කැණීම් සිදුකල අතර අවි ආයුධ හෝ වෙනත් කිසිවක් සොයාගැනීමට නොහැකිවූහ.

කැණිම් කළ ස්ථානයන් හි කිසිවක් හමු නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කරනු ලැබුවේ කැනීම් කළ ස්ථාන යළි වසා දමන ලෙසයි.

අදාල ස්ථානය කැණීම් පිළිබඳ සවිස්තර වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරයා පූවරසන්කුලම පොලිසිය වෙත නියෝග කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x