counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කුසල් මෙන්ඩිස්ගේ අලුත්ම තත්ත්වය

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇති බවට වාර්තා වේ.

පසුගියදා පාකිස්ථානය සමග පැවැති තරගයේදි වේගවත් ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් මස්පිඩු පෙරළීම සහ හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළීම හේතුවෙන් වහාම රෝහල් ගත කෙරිණි.

කෙසේ වෙතත් මේ වන විට කුසල් මෙන්ඩිස් සුවය ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගයට සහභාගි වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලක්නව් නුවරට පැමිණ තිබේ.

ඒ, ලබන 16 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගයට සහභාගිවීම සදහායි.

අනතුරුව ලක්නව් නුවරදීම ශ්‍රී ලංකා පිල එළඹෙන 21 වැනිදා නෙදර්ලන්තය සමග තරග කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x