counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


ඉමිටේෂන් භාණ්ඩ රන් භාණ්ඩ ලෙස පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඉමිටේෂන් භාණ්ඩ රන් භාණ්ඩ ලෙස පෙන්වා රුපියල් එක් කෝටි අසූහත් ලක්ෂ හැත්තෑපන් දහසකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්දයෙන් ප්‍රධාන මූල්‍ය සමාගමක උකස් අංශ ප්‍රධානීයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

බෙන්තර ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

අගතියට පත් මූල්‍ය සමාගමේ කළමනාකාරීත්වය විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය කිය.

සැකකරු තවත් කාන්තාවක සමග උකස් අංශයේ රාජකාරි කර ඇති බවත්, ඇය නොමැති අවස්ථා වලදී එහි සවිකර ඇති ආරක්ෂක කැමරාවද ආවරණය කරමින් සේප්පුව විවර කර වංචාව සිදුකර ඇති බව පොලිසිය කීය.

රන්භාණ්ඩ උකස් කල බවට පෙන්වීමට එයට සමාන බරකින් යුත් ඉමිටේෂන් භාණ්ඩ දමා ලදුපත් මගින් රුපියල් ලක්ෂ ගනනින් කලක පටන් මුදල් ලබාගෙන ඒවා විගණක පරීක්ෂණ වලටද හසුනොවන පරිදි පරිඝණක දත්ත පද්ධතියට ඇතුලත් කර තිබූ බවටද හෙලිව ඇතැයි පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x