counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


අඩු මිලට මත්පැන් ගන්න වැඩපිළිවෙළක්

ජනතාවට මිල අඩුවට ලබාගත හැකි මත්පැන් බෝතලයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැඳවූ අවස්ථාවේ ඔහු මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැර අඩුවෙන් හෝ සැර වැඩියෙන් හෝ එම නිෂ්පාදනය පිළිබඳව යෝජනාවක් ගෙන ලෙස එන ලෙසද ඔහු සඳහන් කළා.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත්තේ දෛනිකව රුපියල් 3000ක වැටුපට රාජකාරි කරන පුද්ගලයෙකුට මත්පැන් කාලක් ලබා ගැනීමට රුපියල් අටසීයක් වැය වන බවයි.

මේ අතර, මෙම අවස්ථාව සඳහා සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ මත්පැන් මිල ඉහළ යාමෙන් අද වන විට නීති විරෝධී මත්පැන් අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් ජනතාව අතර සෞඛ්‍ය අවධානමක්ද පැන නැඟී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x