counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


හෙද පුහුණුව ලද සියලු දෙනාට පත්වීම්

2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව පල කළ බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේදී හෙද පුහුණුව සඳහා 2518ක සිසුන් පිරිසක් බඳවාගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පවතින මුල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුනු නිසා මෙයින් 1000 කට පමනක් පත්වීම් ලබා දීමට මහාභාන්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබුණි.

එහෙත් හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යාංශයටල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කිරීම මත 2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව පල කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x