counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


ගංවතුර අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ

ප්‍රධාන ගංගා දෙකක් ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කළ බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇත.

නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එමෙන්ම ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පැවතිය ද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල පදිංචි වී සිටින ජනතාවට අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x