counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


අවධානයෙන් රිය පදවන්න

හැටන් – බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමණක් සිමා කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.

මාර්ගයට කඩා වැටි ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවට ගනිනමින් තිබේ.

මධ්‍යම කදුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඝන මීදුම් ස්වභාවයක් හා මාර්ග ලිස්සන සුළු තත්ත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්.එම්. බි. බණ්ඩාර මහතා පවසයි.

එමෙන්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිනිගත්හේන යන ප්‍රදේශවල මෙන්ම හැටන්

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල,රදැල්ල, නානුඔය, නුවරඑළිය යන ප්‍රදේශයන් තුලද විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.

මෙම ප්‍රදේශයන් තුල විශේෂයෙන් සවස් කාලයන් තුලදි මාර්ග නොපෙනි යන අයුරින් මෙම මීදුම් තත්වයන් ඉතා අධික ලෙස පවතින බවත් රථ වාහන ධාවනය කරවිමේදි ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් ප්‍රවේශමෙන් වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පවසන ලදි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x