මේ වන විට අභාවප්රාප්ත ප්රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.
ඊයේ දින (10) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම ජැක්සන් ඇන්තනීට ආදරය කළ රසිකයන් ද විශාල ලෙස පැමිණියේය.පෙරවරු 07.00 සිට රාත්රී 11.00 පමණ දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්රී නිවසට රැගෙන ආවේය.
දේහය අද (11) සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1