counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


භූ කම්පන තුනකින් ඇෆ්ගනිස්තානයේ ගම් පිටින් වැළලෙයි

බටහිර ඇෆ්ගනිස්තානයේ ඉරාන දේශසීමාව අසල පිහිටි හෙරත් නුවර පෙරේදා පැය බාගයක් ඇතුළත සිදු වූ භූ කම්පන මාලාවකින් මිය ගිය පිරිස දෙදහස ඉක්මවා ඇතැයි තලේබාන් රජය නිවේදනය කළේය.

එය දශක දෙකකට පසු එරට සිදු වූ විනාශකාරිතම භූ කම්පන ලෙස සැලකෙන අතර, මරණ ගණන තවත් ඉහළ යනු ඇතැයිද වාර්තා වේ. මිය ගිය පිරිසට අමතරව තවත් විශාල විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවත්, රෝහල්ගත කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දසදහසකට වැඩි බවත් වාර්තා වේ.

පෙරේදා (7) එරට වේලාවෙන් මධ්‍යාහ්න 12.11ට සිදු වූ පළමු කම්පනය රිච්ටර් මාපකයේ 6.1ක් ලෙසද, මධ්‍යාහ්න 12.19ට සිදු වූ දෙවැනි කම්පනය 5.6ක් ලෙසද සටහන් වී ඇති අතර, 6.3ක අගයක් ගත් තෙවැනි කම්පනය සිදුව ඇත්තේ මධ්‍යාහ්න 12.42ට බවද වාර්තා වේ.

අවසන් වශයෙන් සිදු වූ කම්පනයෙන් හෙරත් නුවර ගම්මාන 12ක් මුළුමනින්ම යටව ඇති අතර, ආපදා කණ්ඩායම් විපතට පත් අය බේරාගැනීමට විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පවතින තත්ත්වය මත එම පළාතට කූඩාරම්, වෛද්‍යධාර සහ ආහාර ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයිද, ඒ සඳහා උපකාර කරන ලෙස තලේබාන් ප්‍රකාශකයකු සඳහන් කර තිබිණි.

මීට වසර 26කට පෙර ඇෆ්ගනිස්තාන ඉරාන දේශසීමාව අසළ සිදු වූ භූ කම්පනයකින් 1500ක් මියගොස්, තවත් දසදහසකට වැඩි පිරිසක් තුවාල ලැබීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x