counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) සිදුකිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් දැනුම් දී ඇත්තේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී එදින පස්වරු 3.00ට ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බවයි.

ජැක්සන් ඇන්තනීගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් කොළඹ පොලිස් මෘත ශරීරාගරය වෙත අද (09) උදෑසන රැගෙන විත් තිබෙනවා.

එහිදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

අනතුරුව රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය අද පස්වරුවේ අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

2022 වසරේ ජුලි මස 02 වනදා අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පසු ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට ඇතුළත් කළා.

එදින සිට මාස 14ක පමණ කාලයක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (09) අලුයම දැන් සමුගත්තා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x