counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


මහ කන්නයට යූරියා පොහොර අද සිට බෙදාහැරේ

අද (09) සිට ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වනවිට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

ඒ අනුව අද සිට යුරියා පොහොර මෙටි්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

එම පොහොර සියලු‍ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටියේ.

ඊට අමතරව ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද රජය පියවර තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x