counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ශ්‍රී ලංකාව දෙවන පුහුණු තරගයට අද පිටියට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන පෙර පුහුණු තරගය අද (03) ගුවහාටි හිදී පැවැත්වෙනවා.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන මෙම තරගය අද (03) පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවට මුහුණ දුන් පළමු පෙර පුහුණු තරගය බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමට සිදු වුණා.

මේ අතර පළමු පෙර පහුණු තරගයේ දී උරහිසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත්ගේ ආබාධ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

කුසල් ජනිත්ට ඔහුගේ උරහිසේ ආබාධය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තාව ද ඊයේ දින නිකුත් කෙරුණා.

ඒ, අනුව ඔහු ඉදිරි තරග සඳහා ගැටලුවකින් තොරව කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x