counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


මිල්ලනිය සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

තියුණු ආයුධයකින් පහර දී ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය, කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වුණේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ බිරිඳගේ බාල සහෝදරයින් දෙදෙනා වන අතර, ඔවුන් ඊයේ (02) රාත්‍රියේම පොලීසියට භාර වී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

පිහියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති බවයි මෙතෙක් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කැපුම් තුවාල ද සහිතව යතුරුපැදියකින් කිලෝමීටර් තුනහමාරක් පමණ දුරින් පිහිටි පොලිසිය අසලට පැමිණ ඇති අතර, එහිදී පොලිසියේ මැදිහත් වීමෙන් ඔහු හොරණ මූලික රෝහලට ඇතුලත්කර තිබෙනවා.
එහිදී ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (03) හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x