ඉන්දියාවේ රෝහලකදී එක් දිනක් තුළ මරණ 24ක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ශංකර්රාඕ රජයේ රෝහලෙන් එම මරණ වාර්තා වන අතර එසේ මියගිය පිරිස අතර අලුත උපන් බිළිඳුන් 12 දෙනෙක්ද වෙයි.
අනෙක් 12 දෙනා විවිධ රෝගාබාධවලට ලක්වූ පිරිසක් වන බවත් ඉන් බහුතරයක් සර්පයින් දෂ්ඨ කිරීම හේතුවෙන් මියගොස් තිබුණි.
අවශ්‍ය තරම් කාර්යය මණ්ඩලය නොසිටීම සහ ඖෂධ හිඟය එම මරණවලට හේතුව බව එම රෝහලේ බලධාරීන් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
1
+1
+1