counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


මෙරට බිත්තර හිඟයක් පවතිද්දීත් මාලදිවයිනට මාසිකව බිත්තර මිලියන 1.5ක් අපනයනය කිරීමට පියවර 

මාසිකව මෙරට බිත්තර මිලියන 1.5ක් මාලදිවයිනට අපනයනය කරන බවත් ලබන වසරේ දී තවත් රටවල් හතරකට බිත්තර අපනයනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙරට රක්කන බිත්තර ප්‍රමාණය ද ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බැවින් ලබන ජනවාරියේ සිට බිත්තර නිෂ්පාදනය වැඩි වී මෙරට බිත්තර මිල පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඒ මහතා පැවසුවේ.

ගන්නෝරුවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දැනට සිදු කර තිබෙන ගණනය කිරීම් අනුව ලබන වසරේ අගෝස්තු මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් අපේක්ෂා කළ හැකි බවත් එම බිත්තර අපනයනය කිරීම සඳහා සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

නත්තල් සමයේ බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යන බැවින් දෙසැම්බර් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට සිදු වනු ඇති බවත් ඉන් පසු බිත්තර ගෙන්වීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව වැඩිදුර අමරවීර පැවසීය. මෙරට බිත්තර හිඟයක් පවතිද්දීත් මාලදිවයිනට මාසිකව බිත්තර මිලියන 1.5ක් අපනයනය කිරීමට පියවර ගත්තේ එම ඇණවුම වෙනත් රටකට යා නොදී ආරක්ෂා කර ගැනීමට බව ද ඇමැතිවරයා පැවසුවේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x