counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් දෙදෙනෙක් මිය යයි

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇත. කැස්බෑව හොන්නන්තර සර්වෝදය මාවත පදිංචි අකිලා බොනිපස් නැමැති මවට දාව උපන් නිවුන් දරුවන් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබේ .එම දරුවන් ගේ මව්පියන් චෝදනා කරන්නේ, රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි.

ඇය දරු ප්‍රසූතියක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ, පසුගිය 08 වැනිදාය. ඊට පසුදින නිවුන් දරුවන් ප්‍රසුත කර තිබූ අතර, එම දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබේ.ඉන් පිරිමි දරුවා පසුගිය 19 වැනිදා මියගොස් ඇත.එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවය. ඉන් අනතුරු ව දරුවන් ගේ මව අනිත් දරුවාට මව්කිරි ලබාදීමට යන අවස්ථාවේ දී එම දරුවා ද මියගොස් ඇති බව අනාවරණ වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවන් ගේ මව්පියන් කොහුවල පොලිසීයට පැමිණිල්ලක් ද කර තිබේ.කෙසේ වෙතත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ උපදෙස් පරිදි කමිටුවක් පත්කර මේ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x