නීපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරව සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්යක්ෂ ජනරාල් හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නීපා වෛරසය රටට ඇතුළු වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කුමන හෝ හේතුවකින් වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුව හොත් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධවත් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේය.
සුලඟ මගින් වෛරස් අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.
මෙයට අමතරව වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මගින් රෝගය රටට ඇතුළු වීම වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන්නේ යැයි ඔහු අවධාරණය කළේය.