counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


නීපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් නිවේදනයක්

නීපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් නොමැති වුවත් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා නිරන්තරව සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නීපා වෛරසය රටට ඇතුළු වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කුමන හෝ හේතුවකින් වෛරස් රෝගීන් රට තුළින් වාර්තා වුව හොත් ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධවත් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා කීය.

මහනුවර දී ඊයේ (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේය.

සුලඟ මගින් වෛරස් අසාධිත පුද්ගලයින් රටට ඇතුළු වීමේ අවධානමක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

මෙයට අමතරව වන්දනා ගමන් සඳහා විදේශ ගතවන පුද්ගලයින් මගින් රෝගය රටට ඇතුළු වීම වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර තිබෙන්නේ යැයි ඔහු අවධාරණය කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x