counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


වෛද්‍ය නිර්දේශයකින් තොරව පාසල් සිසුන්ට ඉන්හේලර් දී මාට්ටු

වෛද්‍ය නිර්දේශයකින් තොරව පාසල් සිසුන්ට In Helar උපකරණ ලබා දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉබ්බාගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විසින් කර ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

21 වෙනිදා එම පාසලේ ගුරුවරියක් විසින් පාසල් දරුවන්ගේ පොත් බෑග් හදිසි පරීක්ෂාවට ලක් කර ඇත.පොත් බෑග් කීපයක් තුළ තිබී In Helar උපකරණ සොයා ගැනීමට පාසල් ගුරුවරියට හැකිවී ඇත.තමන්ට මෙම උපකරණ ලබා දුන්නේ ඉබ්බාගමුව සති පොල ඉදිරිපිට දුරකතන අලවි සැළක් පවත්වා ගෙන යන අයෙකු විසින් බව සිසුන් ගුරුවරිය හමුවේ පවසා ඇත.

අනතුරුව මේ බව පාසල් ගුරුවරිය විසින් ගොකරැල්ල පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර ඇත.

පාසල් සිසුන් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x