පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසියට කැඳවා සිටියදි පොලිස් චෝදනාගාරය අසලදී හැට්ට කටු දෙකක් ගිල රෝහල් ගත කිරීමෙන් පසු රත්නපුර රෝහලින් පලාගොස් සිටි සැකකරුවෙක් ගොඩකවෙල රිදීවිට ප්‍රදේශයේ වත්තක සැගව සිටියදි අද (20) අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය පවසයි.
හැට්ටකටු ගිලීම නිසා පොලිස් නිලධාරින් වහාම ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කළ සැකකරු සුළු මොහොතකින් රෝහලින් පලාගොස් සැගව සිටි බව පොලිසිය කියයි.
මෙම සැකකරු අතවරයට පත් දැරියගේ මවගේ අනියම් සැමියා බවත් ඔහු එම නිවසේ පදිංචිව සිටියදි අවස්තා කිහිපයකදිම දැරියට අතවර කර ඇති බවද පොලිසිය පවසසි.
සැකකරුගෙන් සිදුවන හිරිහැර ඉවසිය නොහැකිව ඇය ඉකුත් 6 දින ඇය නිවසින් පලා ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.