counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


පියා සමඟ පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

ගොතටුව IHD ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ.

අඩි 16ක් පමණ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇඳවැටී අනතුර සිදුව තිබුණි.

පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබේ.

ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

සිද්ධියට මුහුණදුන් පියා,

“පාර අතන වහලා නෑ. අපි ගියා අඩි 16ක් ඇතුළට. මෙයාව අල්ලගෙන ආවා කොහොම හරි. බයිසිකලය ඇතුළේ. ගැට්ට අල්ල ගත්තා. කට්ටිය ඇවිත් ඇදලා ගත්තා.”

ප්‍රදේශවාසීන්,

“තව කීදෙනෙක් ඇතුළේ ඉන්නවා ද දන්නේ නෑ. අන්න ඒකයි ඛේදවාචකය. මේක 6යි ගානට දැක්කේ. එතකොට පාන්දර ගිය.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x