counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


රීයුනියන් දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කරයි

ප්‍රංශයේ සරණාගත පුරවැසිභාවය ලබා ගැනීම සදහා , ප්‍රංශයට අයත් ” රීයුනියන් ” ( Reunion ) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කර (18) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මොවුන් මඩකලපුව සහ පුත්තලම ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් 06 දෙනෙකු ද්‍රවිඩ ජාතිකයන් වන අතර ඉතිරි පුද්ගලයා සිංහල ජාතිකයෙකි.

මොවුන් අතරින් 04 දෙනෙකු , එක් අයෙකු රුපියල් ලක්ෂ 03 බැගින් ජාවාරම්කරුවන් වෙත ලබා දී , ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මගින් රීයුනියන් දූපත වෙත ගොස් තිබේ .

ඉතිරි තිදෙනා රුපියල් ලක්ෂ 04 ක් , ඇමෙරිකානු ඩොලර් 1,500 ක් සහ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් බැගින් ජාවාරම්කරුවන් වෙත ලබා දී කටුනායක සිට ගුවන් මගින් ඉන්දුනීසියාව වෙත ගොස් එතැන් සිට බෝට්ටු මගින් සාගරය තරණය කර රීයුනියන් දූපත වෙත ගොස් තිබේ .

රීයුනියන් දූපත අප්‍රිකානු මහාද්වීපයට සමීප මැඩගස්කර් දූපත ආසන්නයේ පිහිටි ප්‍රංශය විසින් පාලනය කරනු ලබන දූපතකි .එම දූපත වෙත ගොස් රැදී සිටින පුද්ගලයන්ට සරණාගතයන් සේ සළකා පසුව ඔවුන්ට ප්‍රංශයේ පුරවැසිභාවය ලබා දීම සිදු කළහොත් , එසේ පුරවැසිභාවය ලබා ගැනීම මොවුන්ගේ අරමුණ වී තිබේ .

මෙම ශ්‍රී ලාංකිකයන් 07 දෙනා (18) දින පස්වරු 01.20 ට රීයුනියන් දූපතේ සිට එයා ෂීෂෙල්ස් ගුවන් සේවයේ එච්.එම්.- 9804 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

එහිදී මෙම පිරිස ආගමන විගමන නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත තැනැත්තන් වෙළෙඳාම සහ අනවසර සංක්‍රමණ පිළිබඳ අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x